නිවාස සංකීර්ණයේ ගින්නෙන් 19 හැවිරිදි තරුණයකු මරුට දකී...
By Sewvandhi
රත්මලාන - සොයිසාපුර නිවාස සංකීර්ණයේ නිවසක ඊයේ (7) ඇති වූ ගින්නකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.
පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතත් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (8) සිදුකිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |