වැසිකිළි වලකින් හමු වූ බෝම්බ තොගය.

Sri Lanka Police Mullaitivu Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 11, 2023 07:54 AM GMT
krishani

krishani

Report

ඊයේ (10) මුලතිව් පොලිස් වසමේ අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක සඟවා තිබූ මෝටාර් උණ්ඩ සහ අත්බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ඒ මුලතිව් පොලිසිය විසින් ය. 

එම ඉඩමේ අයිතිකරු එහි පැවති පැරණි වැසිකිළි වළක කොන්ක්‍රීට් ආවරණයක් ඉවත් කිරීමට යාමේ දී මෙම බෝම්බ තොගය දැක තිබෙනවා.

පසුව ඔහු මුලතිව් පොලිසියට මේ පිළිබඳව දැනුවත් කර ඇත.

පසුව පොලීසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කල දැනුම්දීමක් මත අධිකරණ නියෝගයක් යටතේ අදාළ ස්ථානයේ කැනීම් සිදුකර තිබෙනවා.

ඒ සඳහා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිළධාරීන් හා මුලතිව් පොලිස් නිළධාරීන් සහභාගී වී ඇත.

එහි තිබී අත්බෝම්බ 56 ක්, මිලිමීටර 82 වර්ගයේ මෝටාර් උණ්ඩ 49 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, ෆැරා උණ්ඩ 14 ක්,ආර්.පි.ජි උණ්ඩ හයක් සොයාගෙන ඇති අතර පොලිසිය සැක පල කරන්නේ කොටි ත්‍රස්ත සංවිධානය විසින් මෙම බෝම්බ තොගය වල දමා යන්නට ඇති බවයි.