ප්‍රංශය ගෙනා තහනම - ජූලි 15 සිට වහාම ක්‍රියාත්මකයි.

France
By krishani Jul 10, 2023 08:18 AM GMT
krishani

krishani

Report

ප්‍රංශයේ සියළුම ගිනිකෙළි විකිණීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

එම තහනම ජූලි 15 වනදා සිට ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ප්‍රංශයේ ජාතික දිනය ජූලි 14 වැනිදාට යෙදී ඇති අතර එරට තුළ මහජන සාමයට බරපතල බාධා ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ මෙම තහනම පළාත් පාලන ආයතන විසින් සංවිධානය කරනු ලබන නිල ගිනිකෙළි සංදර්ශන සඳහා අදාළ නොවන බවයි.