අධික උෂ්ණත්වය යටතේ මෝටර් රථයක දරුවෙක් බිහිකළ සංවේදී කතාව.."මාව අරගෙන ගියේ බූරුවගේ පිටේ"

Gossips American Pregnant women Afgansthan Afgansthan war
By Aruna Sep 27, 2021 06:41 AM GMT
Aruna

Aruna

Report

රබියා, සිය අලුත උපන් දරුවා තොටිල්ලේ හොවා නලවමින් සිටින්නීය.

මීට දින කීපයකට පෙර, රබියා විසින් මේ දරුවා ප්‍රසූත කරන ලද්දේ ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ නන්ගර්හාර් ප්‍රාන්තයේ පිහිටි කුඩා රෝහලකදී ය.

"මේ මගේ තුන්වැනි ළමයා. නමුත් මේ අත්දැකීම සම්පුර්ණයෙන් ම වෙනස් එකක්.

ඒක හරිම භයංකාර එකක් වුණා." ඇය පැවසුවාය.

රබියා ඇතුළත් කරනු ලැබූ රෝහලේ ප්‍රසූත ඒකකය සතුව තිබූ සේවා පහසුකම් දින කීපයක ඇවෑමෙන් අවම මට්ටමට පත් විය.

ඇයට වේදනා නාශක නොලැබිණි. අවශ්‍ය වෙනත් ඖෂධ නොලැබිණි.

අහාර සැපයීමක් ද සිදු නොවුණි. වෙළෙඳ දැන්වීමක් මෙම ප්‍රදේශයේ විදුලි බලය විසන්ධි කර තිබුණි.

රෝහල සතුව පැවැති ජෙනරේටරය (විදුලි උත්පාදක යන්ත්‍රය) ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ද නිම වී හමාරය.

මෙම රෝහල් ගොඩනැගිල්ල තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක් දක්වා ඉහළ නැග තිබුණි.

"අපි හැමෝගෙම ඉහේ ඉඳන් දෙපතුළ දක්වා දාඩිය වැක්කෙරෙනවා."

රබියාගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් කටයුතු කළ සාත්තු සේවිකාව පැවසීය. ඇය වින්නඹු රාජකාරිය සිදු කළේ ජංගම දුරකතනයේ විදුලි එළිය දල්වාගෙනය.

"එය මගේ සේවා කාලය තුළ මම ලැබූ නරකම අත්දැකීමක්. ඒක හරිම වේදනාකාරියි.

නමුත් තාලිබාන් ආව දවසේ ඉඳල මේක තමයි මේ රෝහලේ සාමාන්‍ය තත්වය." දරු ප්‍රසුතියකින් පසුව දිවි රැකගත් රබියා සහ දරුවා එරට වාසනාවන්තයින්ගේ ගොන්නට එක්වූහ.

මාතෘ සහ ළදරු මරණ අනුපාතිකය ගත්කල ඇෆ්ගනිස්තානය සිටින්නේ නරකම ස්ථානයක ය.

ඇෆ්ගනිස්ථානයේ සිදුවන සෑම දරු ප්‍රසුතීන් දස දහසකටම, මව්වරුන් 638 දෙනෙකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සඳහන් කරයි. 2001ට පෙර එය පැවැතියේ ඊටත් වඩා නරක මට්ටමක ය.

ඇමරිකානු හමුදා 2001දී රට ආක්‍රමණය කර තාලිබාන් පලවාහැරීමෙන් අනතුරුව රටේ මාතෘ හා ළදරු සෞඛ්‍ය සේවාවන් හි ප්‍රගතියක් පෙන්නුම් කෙරින.

"දැන් පවතින්නේ ඉතාම හදිසි ආපදා මට්ටමක්. බලාපොරොත්තු සුන්වීමක්. මට ඒ බරපතල කම තදින්ම දැනෙනවා." එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්‍ෂිකා නතාලියා කානෙම් පැවසුවාය.

ඇෆ්ගන් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට ඉතා කඩිනමින් සහන නොලැබුණහොත් මෙවක් පටන් 2025 දක්වා කාලය අතරතුර, ඉහත කී සංඛ්‍යාවට අමතරව තවත් මාතෘ මරණ 51,000ක් සිදු විය හැකි බවත්, කාන්තාවන් මිලියන 4.8කට අනපේක්‍ෂිත ගැබ්ගැනීම් ඇතිවිය හැකි බවත්, දැනට පවතින ප්‍රමාණය මෙන් දෙගුණයකට පවුල් සැලසුම් සායන අහිමි විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ ඇස්තමේන්තු සඳහන් කරයි.

"ඇෆ්ගනිස්ථානය පුරා ප්‍රථමික සෞඛ්‍ය සේවා සියල්ල කඩා වැටෙමින් පවතිනවා...

මාතෘ මරණ අනුපාතිකය, ළදරු මරණ අනුපාතිකය අවාසනාවන්ත ලෙස ඉහළ යාවි." මහජන සෞඛ්‍ය සේවා අමාත්‍ය, වෛද්‍ය වහිඩ් මජ්රූ පැවසුවේය.

කාබුල් පාලනය තාලිබාන් යටතට පත්වීමෙන් අනතුරුව ද තනතුර අහිමි නොවූ එකම අමාත්‍යවරයා ඔහුය.

ඇෆ්ගන් ජනතාවගේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් තමන් සටන් කරන බවට ඔහු ප්‍රතිඥා දී ඇතත් අතිශය දුෂ්කර සටනකට ඔහුට මුහුණ දීමට සිදුවී තිබේ.

රටේ හතර දිග්භාගය ම අසල්වැසි රටවලට අයත් භූමියකින් ම අගුළු වැටී ඇති ඇෆ්ගනිස්තානය ලෝකයෙන් වෙන් කෙරෙන තත්වයකට පැමිණ තිබේ.

විදෙස් හමුදා රටින් පිටවනවාත් සමඟම තාලිබාන් බලයට පැමිණියේය.

ඒ සමඟම රටට ගලා එමින් තිබූ විදේශ ආධාර අත්හිටැවුණි. ඇෆ්ගන් සෞඛ්‍ය සේවා පද්ධතිය මුළුමනින්ම පාහේ යැපුණේ විදේශ ආධාර මතය.

එක්සත් ජනපදය හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි බටහිර අධාරකරුවන් සඳහන් කරන්නේ, තාලිබාන් අතට මුදල් ලබාදීමේ සහ ව්‍යාකූල තත්ත්වයක පවතින කාබුල් ගුවන්තොටුපළ වෙත ඖෂධ සැපයුම් සිදුකිරීමේ දුෂ්කරතාවයයි.

මේ හේතූන් නිසා ජීවිත බේරාගැනීමේ වෛද්‍ය උපකරණ සහ ඖෂධ සැපයුම් ඇනහිට ඇති අතර එය මාතෘ සහ ළදරු සෞඛ්‍ය සේවාවට විශාල බලපෑමක් කර තිබේ.

කොරෝනා වසංගතය පවතින අතරතුර මෙවැනි තත්ත්වයක් උදාවීම හේතුවෙන් ඒ අවාසනාව දෙගුණ කරයි. "කොවිඩ් හතරවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමට කිසිම සුදානමක් නැහැ." වෛද්‍ය මජ්රූ පැවසීය.

රෝහලට ලැබෙන ප්‍රතිපාදන ඇනහිටීම හේතුවෙන් අබිදා නැවතී සිටි රෝහලේ හදිසි ගිලන් රථ සේවය ද ඇනහිට තිබුණි.

ගිලන් රථය ධාවනය කරවීම සඳහා අවැසි ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීම ඊට හේතුවයි.

අබිදාගේ රෝහලේ සිදුවූ අවාසනාවන්ත සිද්ධියක් ඇය මෙසේ විස්තර කළාය. "දවසක් රෑ අම්ම කෙනෙක්ට හදිසියේම අමාරුවෙලා ගිලන් රථයක් ඉල්ලුවා.

දරුවා හම්බවෙන්න ආසන්නයි. හොඳටම වේදනාවෙන් පෙළෙමින් හිටියේ. අපිට කියන්න සිද්ධවුනා ටැක්සියක් හොයාගන්න කියල. ඒත් එක ටැක්සියක්වත් තිබුණේ නැහැ." "අන්තිමට කාර් එකක් හොයා ගන්නකොට පරක්කු වැඩියි.

කාර් එක ඇතුළේ දරුවා හම්බවුනා. දරාගන්න බැරි වේදනාවයි, කාරෙක ඇතුළෙ රස්නෙයි නිසා පැය ගානක් යනකල් අම්මට සිහිය නැතුව හිටියෙ.

මං හිතුවේ නැහැ අම්මව බේරගන්න පුළුවන් වෙයි කියල. දරුවත් හිටියේ ඉතාම අනතුරුදායක තත්ත්වයක.

ඒ දෙන්නටම දෙන්න දෙයක් අපි ළඟ තිබුණෙ නැහැ." අබිදා පැවසුවාය. වාසනාවට, බිළිඳිය නිරෝගීව සිටියාය. මවට දින කීපයක් යනතුරු පහසුකම් රහිත එම රෝහලේම නැවතී සිටින්නට සිදු විය.

පසුව රෝහලෙන් නික්ම ගොස් තිබිණ. "මේ පද්ධතිය යථා තත්ත්වයට ගන්න අපි රෑ දවල් දෙකේ එක දිගට ම වැඩ කරනවා.

ඒත් ඒකට මුදල් අවශ්‍යයි." එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්‍ෂිකා නතාලියා කානෙම් පැවසුවාය.

"පසුගිය සති කීපය ඇතුළත ඇතිවුණු සිද්ධීන්වලට කලිනුත්, දරු ප්‍රසුතියක් නිසා සෑම පැය දෙකකටම සැරයක් ඇෆ්ගන් කාන්තාවක් මිය යනවා."

 ඇෆ්ගනිස්ථානයේ ළමා විවාහ නැතහොත් බාලවයස්කාර ගැහැණු ළමුන් විවාහකර ගැනීම ඉහළ යාමේ අවදානම කෙරෙහි ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ බරපතල අවධානයට ලක්වී තිබේ.

බාලවයස්කාර ගැබ් ගැනීම් ඉහළ ගියහොත් ළදරු හා මාතෘ මරණ අනුපාතිකය තවදුරටත් ඉහළ යාහැකි බවට ඔවුහු අනතුරු අඟවති.

තාලිබාන් පාලනය යටතේ කාන්තාවන්ට පනවනු ලබන සීමා සහ නීතිරීති හේතුවෙන් කාන්තාව තවදුරටත් පීඩාවට ලක්ව සිටී.

ඇෆ්ගනිස්තානයේ බොහෝ ප්‍රදේශවල සිටින කාන්තාවන්ට දැන් නිකාබයෙන් හෝ බුර්කාවෙන්, හිස සහ මුහුණ වසා ගැනීමට සිදු වී තිබේ.

ඊටත් වඩා බරපතළ ලෙස අවධානයට ලක්ව ඇති කාරණයක් වන්නේ කාන්තා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට කාන්තාවන්ට පමණක් අවසර ලබා දිය යුතු බවට බොහෝ රෝහල් සහ වෛද්‍ය සායනවලට නියෝග ලැබී තිබීමය.

නම හෙළි කිරීමට අකමැති වූ එක් සෞඛ්‍ය සේවිකාවක බීබීසීයට පැවසුවේ 'කාන්තාවකට ප්‍රතිකාර කිරීමේ වරදට' පිරිමි වෛද්‍යවරයෙකුට තාලිබාන්වරුන් විසින් පහර දෙනු ලැබූ බවය.

මෙම සෞඛ්‍ය සේවිකාව රාජකාරි කරන වෛද්‍ය සායනය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේය.

"දොස්තර නෝනා කෙනෙක් නැතිනම්, දොස්තර මහත්තයෙකුට කාන්තාවක් බලන්න අවසර තියෙන්නේ තවත් දෙතුන් දෙනෙක් ඉදිරියේ සිටිනවානම් පමණයි." ඇය පැවසුවාය.

පිරිමි භාරකාරයෙකු නොමැතිව කිසිම කාන්තාවකට නිවසින් බැහැරව යාමට තහනම් කොට තිබේ. "මගේ ස්වාමි පුරුෂයා දුප්පත් මිනිහෙක්.

ළමයින්ට කන්න දෙන්න එයා දවසම මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා.

මට බෙහෙත් ගන්න යනකොට එයාව එක්කරගෙන යන්නේ කොහොමද?" නන්ගාර්හාර් ප්‍රාන්තයේ වෙසෙන සර්මිනා පැවසුවාය.

ඇය මාස පහක දරු ගැබක් දරා සිටින්නීය. පිරිමි භාරකරුවෙකු අනිවාර්ය කිරීම හේතුවෙන්, සෞඛ්‍ය සේවිකාවන් හා වෛද්‍යවරියන් සිටින සායනයකටවත් සර්මිනා වැනි කාන්තාවන්ට යා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි අබිදා පවසන්නීය.

එමෙන්ම, ඒ හේතුව නිසා වෛද්යවරියන්ට හෝ සෞඛ්‍ය සේවිකාවන්ට රාජකාරිය සඳහා යාමට ද නොහැකි වී ඇති බව ඇය පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන අනුව, ඇෆ්ගනිස්තානුවන් 10,000ක් වෙනුවෙන් සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 4.6කි.

යම් රටක වෛද්‍යවරුන්ගේ හිඟය ඉතාම උග්‍ර මට්ටමක පවතින බවට නිගමනය කෙරෙන සීමාවට වඩා මෙම ප්‍රමාණය පස්ගුණයකින් පහළ ය.

තාලිබාන් ආගමනයත් සමඟ බොහෝ දෙනා රට හැර යාමත්, රැකියාව අතහැරීමට සිදුවීමත් නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර වීමේ සලකුණු පහළවී තිබේ.

සෞඛ්‍ය සේවිකාවන් නැවත සේවයට පැමිණිය යුතු බව තාලිබාන්වරු පසුගිය අගෝස්තුවේදී ප්‍රකාශ කළ නමුත්, "තමුන්ට හානියක් නොවේයැයි විශ්වාසය තහවුරු කරගැනීම සඳහා කාන්තාවන් තවත් කාලයක් ගනු ඇති" බව වෛද්‍ය මජ්රූ පැවසුවේය.

"එක රැයකින් සියල්ල ම වෙනස් වුනා." නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන නබිසාදා පැවසුවාය.

තාලිබාන්වරු කාබුල් නුවර යටත් කරගත් දිනයේ ඇය ද ගුවන්තොටුපලට වී සිටියේ රටින් පලා යාමටය.

නමුත් එය සාර්ථක නොවීය. ඇය සමඟ සේවය කළ බොහෝ දෙනෙකු රටින් පලා ගොස් ඇති අතර එය ඉටු කර ගැනීමට නොහැකි වූ බොහෝ කාන්තාවෝ රැකියාව අතහැර නිවසට වී ආරක්ෂිතව සිටිති.

 වසරකට පසු වෙනස 'තාලිබාන් ගායිකාවන් නොඉවසන නමුත් මට සංගීතය අත්හරින්න බැහැ' "මගේ අසල්වැසි කාන්තාවගේ ගැබට දැන් සති 35ක් ගතවෙලා. සිසේරියන් සැත්කමක් ඉක්මනින් කරන්න වෙනවා. ඒත් වෛද්‍යවරියගේ දුරකථනය වැඩ කරන්නේ නැහැ.

මේ අම්ම හරිම බයෙන් ඉන්නේ; ළමය බඩේ දඟලන බවක්වත් දැනෙන්නේ නැහැ. 

රජයේ සෞඛ්‍ය සේවකයන්ට පසුගිය මාස තුනක කාලයක් තිස්සේ වැටුප් ලැබී නොමැත. අබිදාට ද එසේමය. නමුත් ඉදිරියටත් රැකියාව කරගෙන යාමට ඇය බලාපොරොත්තු වන්නීය. "මම මේ තීරණය ගත්තේ මේ රෝහලේ ඉන්න රෝගීන් වෙනුවෙන්, අපේ මිනිස්සු වෙනුවෙන්...

ඒත් සල්ලි නොලැබුනොත්? ඒක අපිට විතරක් නොවෙයි මේ රෝගීන්ටත් ප්‍රශ්නයක්. මේ මිනිස්සු හරිම දුප්පත්." අබිදා පැවසුවාය.

"යුද්දෙන් මැරෙන මිනිස්සු ගැන මේ රටේ හැමෝම කතා කරනවා. ඒත් දරුවෝ ප්‍රසූත කරන්න ගිහින් මැරෙන අම්මල, දරුවෝ ගැන කතා කරන්නේ බොහොම ටික දෙනයි.

මේවා බේරගන්න පුළුවන් ජීවිත." හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් අංශයේ සහකාර අධ්‍යක්ෂිකා හීදර් බාර් ප්‍රකාශ කළාය.

පසුගිය මැයි මාසයේ දී කාබුල් නුවර රෝහලක පැවති තත්ත්වය ඇය විස්තර කළාය.

එම රෝහලේ සේවක සේවිකාවන්ගේ වැටුප් වෙනුවෙන් මුදල් ඉතිරිකර ගැනීම සඳහා රෝගීන් වෙනුවෙන් වැය වන මුදල් කප්පාදු කර තිබුණි.

දරු ප්‍රසුතියකදී අවශ්‍ය වන ඖෂධ සහ වෙනත් දෑ තමන් විසින් ම සපයා ගනු ලැබිය යුතු බවට ගැබිණි මව්වරුන්ට දැනුම් දී තිබිණ.

"විෂබීජ නාශක දියර, එන්නත්, අත්වැසුම්, නාල ආදිය වෙනුවෙන් එක කාන්තාවක් ඩොලර් 26ක් පමණ වියදම් කරලා තිබුණා. ඒ එයා ළඟ තිබුණු අන්තිම මුදල.

එයා හරිම ආතතියකින් හිටියේ හදිසියෙවත් සිසේරියන් සැත්කමක් කරන්න සිද්ධ වුනොත් ඒකට අවශ්‍ය දේවල් ගන්නේ කොහොමද කියල." හීදර් විස්තර කළාය.

කෙසේ නමුත් දැන් පවතින ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් ඒවා මිලදී ගත හැක්කේ පෞද්ගලික රෝහලකින් පමණි.

එය සාමාන්‍ය ජනතාවට දරාගත හැකි වියදමක් නොවේ. "මම දැකල තියෙනවා අපේ පළාතේ සායනවලට එන අම්මල; මොනවා හරි බෙහෙතක් බලාපොරොත්තුවෙන් මුළු දවසම බලාගෙන ඉඳල හිස් අතින් ගෙදර යනවා." සර්මිනා පැවසුවාය.

"කිසිම පහසුකමක් හෝ බෙහෙතක් නැති රෝහලකට යනවට වඩා මම කැමතියි මගේ දරුවා ගෙදරදී හම්බවෙනවනම්.

ඒ වුනත් මගේ දරුවාගේ වගේම මගේ ජීවිතය ගැනත් දැන් මම බයෙන් ඉන්නේ." ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් 54.5%ක් සිටින්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ය.

ඉන් වැඩි පිරිස ජීවත්වන්නේ ගම්දනව් ආශ්‍රිතව ය. මේ බව පවසන්නේ ලෝක බැංකුවයි. ලීනා 28 හැවිරිදි කාන්තාවකි.

ජීවත් වන්නේ හෙරාත් ප්‍රාන්තයේ පුංචි ගම්මානයකය. "තාලිබාන් බලයට එන්න කලින් තමයි මම ගැබිණි මවක් වුනේ.

මම මන්දපෝෂණයෙන් සහ රක්තහීනතාවයෙන් පෙලෙන බව කලින්ම වෛද්‍යවරුන් සොයා ගත්තා."

ලීනා ප්‍රකාශ කළාය. තාලිබාන්වරුන් හෙරාත් ප්‍රාන්තය අල්ලාගැනීමත් සමඟ ම ලීනා ගේ ස්වාමි පුරුෂයාට රැකියාව අහිමි විය.

ඔහුගේ ජීවිකාව වූයේ ගොවිපලක සතුන් රැකබලා ගැනීමය. තාලිබාන් සොල්දාදුවන් කෙරෙහි පවතින බිය සහ මුදල් අගහිඟකම් හේතුවෙන් ලීනා වෛද්‍ය සායනය වෙත යාම නතර කළාය.

මේ අතරතුර ලීනා ට හදිසි තත්වයකට මුහුණ දීමට සිදුවිය. හදිසියේම දරු ප්‍රසුතිය සිදු වීමට ආසන්න විය.

මේ වන විට දරු ගැබ ආරක්ෂා වීම සඳහා ගර්භාශයේ පවතින දියරය ද සිරුරෙන් පිටවී හමාරය.

"මගේ මනුස්සයා මාව අරගෙන ගියේ බූරුවෙකුගේ පිටේ තියාගෙන."

කෙසේ හෝ දරුවාගේ සහ මවගේ ජීවිතය බේරා ගනිමින් දරු ප්‍රසූතිය සාර්ථක කර ගැනීමට වින්නඹු මාතාව සමත් වුවාය.

නමුත් දරුවාගේ ශරීර බර සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුය. නිසි ලෙස වැඩී නොමැත.

මෙවැනි තත්ත්වයක සිටින දරුවකු සමඟ ලීනා නිවසට වී සිටින්නේ කිසිදු අදායමක් නොමැතිවය.

දරුවාට අවැසි පෝෂණය ලබා දීමට ඇයට හැකියාවක් නොමැත.

රටේ සෞඛ්‍ය සේවා නැවත හැරවිය නොහැකි මට්ටමේ ආගාධයකට ඇද වැටෙනු ඇතැයි බොහෝ රටවැසියෝ බිය පළ කරති.

බීබීසීය සමඟ සාකච්ඡා කළ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ නම් වෙනස් කොට පළකරන ලදී. රූ රටා: එලායින් ජාන්ග්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery