19 හැවිරිදි තරුණයෙකුට ජිවිතය අහිමි කල මාරාන්තික අනතුර..

By Piyumika Jul 17, 2024 05:13 AM GMT
Report

ගල්ගමුව පොලිස් වසමේ ගල්ගමුව ආණමඩුව මාර්ගයේ පළුකන්දෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

පිටිපස්සෙන් ඇවිත් හප්පලා මදිවට පොලුවලින් පහරදීලා..කුඩා දරුවන් දෙදෙනෙක් රෝහලේ ..

පිටිපස්සෙන් ඇවිත් හප්පලා මදිවට පොලුවලින් පහරදීලා..කුඩා දරුවන් දෙදෙනෙක් රෝහලේ ..

ආණමඩුව දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය වූ කාර් රථයක් ඊ‌ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.