මේ ඡන්ද කටේ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් කරගෙන තියන දෙයක්..

Report

රාජ්‍ය නිළධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබේ.

දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා පැවසුවේ ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු මෙලෙස ඉවත් කළ බවය.

හිටපු ඇමති පුතෙක්ගේ නිවාස දෙකක් පිළිබද අදිකරන් නියෝගයක්..

හිටපු ඇමති පුතෙක්ගේ නිවාස දෙකක් පිළිබද අදිකරන් නියෝගයක්..

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කලමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබුණි.

ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19දෙනා අතුරින් නිලධාරීන් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් තිරිමට පියවර ගෙන තිබේ.

පිහි ඇනුමකින් දස හැවිරිදි දරුවෙකු මියයයි..

පිහි ඇනුමකින් දස හැවිරිදි දරුවෙකු මියයයි..

එලෙස මැතිවරණ රාජකාරිවලින් ඔවුන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ නිලධාරින් මේ වනවිට සම්පුර්ණ කර ඇති බවද හම්බන්තොට දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.