හිටපු ඇමති පුතෙක්ගේ නිවාස දෙකක් පිළිබද අදිකරන් නියෝගයක්..

Keheliya Rambukwella Sri Lanka Sri Lanka Magistrate Court Bribery Commission Sri Lanka
By Piyumika Sep 19, 2024 06:19 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල මහතා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවය.

උදේ වැඩට එනකොට මෙහෙම දෙයක් නම් වෙයි කියල හිතන්න නැතුව ඇති..සේවක සේවිකාවන් පන්සියයක්ම රෝහලට....(PHOTOS)

උදේ වැඩට එනකොට මෙහෙම දෙයක් නම් වෙයි කියල හිතන්න නැතුව ඇති..සේවක සේවිකාවන් පන්සියයක්ම රෝහලට....(PHOTOS)

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.