පිහි ඇනුමකින් දස හැවිරිදි දරුවෙකු මියයයි..
By Piyumika
දකුණු චීනයේ ජපන් පාසලක ඉගෙනුම ලැබූ 10 හැවිරිදි සිසුවෙකු පිහි ඇනුමකින් දිනකට පසු මිය ගොස් තිබේ .
ෂෙන්සෙන් ජපන් පාසලේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා පාසලට පැමිණෙමින් සිටින අතරතුර මෙම පිහි ඇනුම සිදුව ඇති බව සඳහන් වේ.
ෂිං නමින් හැඳින්වෙන 44 හැවිරිදි ප්‍රහාරකයාව එම ස්ථානයේදීම අත් අඩංගුවට ගත් බවයි චීන පොලීසිය පවසනුයේ.

උදේ වැඩට එනකොට මෙහෙම දෙයක් නම් වෙයි කියල හිතන්න නැතුව ඇති..සේවක සේවිකාවන් පන්සියයක්ම රෝහලට....(PHOTOS)
ජපාන විදේශ අමාත්‍ය Yoko Kamikawa මෙම ප්‍රහාරය නින්දිත එකක් ලෙස හඳුන්වා ඇති අතර, ඉතා ඉක්මනින් චීනයෙන් මේ පිළිබඳ පැහැදිළිකිරීමක් ඉල්ලා ඇති බවයි මාධ්‍ය වාර්තා කරනුයේ.