දකුණු අප්රිකාවේ වෙඩි තැබීමකින් 09ක් මරුට
දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට බටහිරින් කිලෝමීටර් 45ක් පමණ දුරින් පිහිටි Bekkersdal නගරයේ KwaNoxolo නම් බාර් එකක (tavern) අසල අද (21) අලුයම් කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය අය අතර පුරුෂයින් 07ක් සහ කාන්තාවන් 02ක් සිටින බව වාර්තා වේ.
එම ප්රහාරයෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සමහරුන්ගේ තත්ත්වය බරපතලයි.
දකුණු අප්රිකානු පොලිසිය පැවසුවේ, නාඳුනන තුවක්කුකරුවන් 12 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සුදු මිනිබස් රථයකින් සහ රිදී පැහැති සෙඩාන් රථයකින් පැමිණ බාර් එකේ සිටි අය කෙරෙහි අන්ධාධි වෙඩි තබා පලාගොස් ඇති බවයි. පලායාමේදී වීදියේ සිටි අය කෙරෙහිද අහඹු වෙඩි තැබීම් සිදුකර ඇත.
මෙම සිදුවීම මෙම මාසයේදී දකුණු අප්රිකාවේ සිදුවූ දෙවැනි මහා පරිමාණ වෙඩි තැබීම වන අතර, දෙසැම්බර් මුලදී Pretoria ආසන්නයේදී සිදුවූ සමාන ප්රහාරයකින් 12 දෙනෙකු මියගොස් තිබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව, දකුණු අප්රිකාව ලෝකයේ ඉහළම ඝාතන අනුපාතයක් ඇති රටවල් අතරට ඇතුළත් වන අතර, 2024 වර්ෂයේදී ඝාතන 26,000කට අධික ප්රමාණයක් වාර්තා වී ඇත.
පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පරිමාණ මෙහෙයුමක් ආරම්භ කර ඇත.