ඔයත් සුරතල් සතුන් ඇති කරන කෙනෙක් ද? එහෙනම් මේ දේ ගැනත් අනිවාර්යයෙන්ම දැනගන්න - 12 දෙනෙකුට දිවි අහිමි කළ මාරාන්තික රෝගය..
Sri Lanka
Death
By krishani
මේ වසර තුළ මේ වන විට ජලභීතිකා රෝගය වැලඳීමෙන් රෝගීන් 12 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වේ.
මෙලෙස මිය ගිය අය අතරින් 8 දෙනෙකුම මිය ගොස් ඇත්තේ නිවෙස්වල ඇති කරන සුනඛයින් සපා කෑමෙන් ය.
මෙරට තුළ වර්ෂයකට ජලභීතිකාවෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව 25 දක්වා අඩු වී තිබෙනවා.
නමුත් අඩු ආදායම්ලාභී සාමාන්‍ය පවුල්වල පුද්ගලයන් සුනඛයින් සපා කෑමෙන් පසු ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත නොයෑම දක්නට ලැබෙයි.
ඒ හේතුවෙන් මෙම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට අපොහොසත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය සඳහන් කළේ ය.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ජලභීතිකාව සඳහා වන එන්නත් නොගැනීමෙන් 100%ක් මාරාන්තික වන ජලභීතිකාව සියලු ක්ෂීරපායී සතුන්ගෙන් වැලඳිය හැකි බවයි.
මෙරට තුළ වර්ෂයකට 250,000ත්-300,000ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් සතුන්ගේ සපා කෑම් වලට ලක් වන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.
