පරිගනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විදේශිකයින් 08දෙනෙකු අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 01, 2024 04:56 PM GMT
Report

අද (01) සවස පරිගණක මූල්‍ය වංචා සිදු කිරිම සම්බන්ධයෙන් විදේශිකයන් අට දෙනෙක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

පුද්ගලික සංචාරක නිකේතනයක් වටලා මෙම පිරිස අත් අංගුවට ගෙන ඇති අතර ඒ ගාල්ල පොලීසියට ලැබුණු තොරතුරක් අනුව ය.

විදේශ ඇමති මැද පෙරදිග තත්ත්වය පිලිබඳ සහතික කරයි...

විදේශ ඇමති මැද පෙරදිග තත්ත්වය පිලිබඳ සහතික කරයි...

චීන ජාතිකයන් හය දෙනකු, කසකස්ථාන ජාතික පිරිමි පුද්ගලකු සහ කාන්තාවක අත් අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් ය.

ඔවුන් සන්තකයේ තිබි ලැප්ටොප් පරිගණක 09ක් සහ ජංගම දුරකථන 73ක් මෙන් ම, තීරු බදු රහිතව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදේශිය සිගරට් තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.