ගල්කිරියාගම නොසන්සුන් වෙයි - වැව් බැම්මක් මත මළ සිරුරක්
ගල්කිරියාගම, බළලු වැවේ වැව් බැම්ම මත තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 79ක් වූ ගාලදිවුල් වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එමෙන්ම මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිරියාගම පොලිසිය සිදු කරයි.