බස් රථයේ මුහුණට මුහුණලා වැදී ත්‍රිරෝද රථය කුඩේ කුඩු - කොළොන්නාව පාරේ අද උදේ සිදුවූ දරුණු අනතුර
By Kanchana
කොළොන්නාව මාර්ගයේ ගොතටුව නගරය ආසන්නයේ අද (26) උදෑසන සිදුවූ දරුණු මාර්ග අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් තොරතුරුවලට අනුව, අද උදෑසන 9.10ට පමණ ත්‍රිරෝද රථය ඉදිරියෙන් පැමිණි බස් රථයක මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ත්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ ගමන් කරමින් සිටි මගීන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරමින් පවතී.