නව ප්‍රබේදයකින් ආ ඉබෝලා රකුසා කොංගෝව ගිලගනී - මරණ 1,400 පනී, ආසාදිතයන් දහස් ගණනින්

By Kanchana Jul 27, 2026 05:13 AM GMT
Report

කොංගෝ රාජ්‍යෙය් ඉබෝලා වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1,400 ඉක්මවා තිබේ. ඒ අනුව ඉබෝලා මරණ සංඛ්‍යාව 1,405ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 3,200කට ආසන්න පිරිසක් ඉබෝලා ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය නව වෛරස ප්‍රබේදයක් වීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම අසීරු වී ඇති බව ද සදහන් වේ කොංගෝ රාජ්‍යයේ පළාත් 7ක් පුරා මේ වන විටත් මෙම නව ඉබෝලා වෛරස ප්‍රබේදය පැතිර ගොස් ඇත.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය වසර 50ක කාලය තුළ ඉබෝලා වෛරසය ආසාදනයෙන් අප්‍රිකාව පුරා පුද්ගලයින් 15,000කට අධික පිරිසක් මියගොස් ඇති බවය.    

ඇමෙරිකාවේ ජනප්‍රිය ආහාර උත්සවයකට එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරය - සියැටල් නගරයම ලේ විලක් වෙයි

ඇමෙරිකාවේ ජනප්‍රිය ආහාර උත්සවයකට එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරය - සියැටල් නගරයම ලේ විලක් වෙයි