පොහොර හිගයක් ඇතිවේවිද? ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ දැනුම්දීමක්
යල කන්නයේ වී වගා කර ඇති බිම් ප්‍රමාණයෙන් 75%කට මේ වනවිට පොහොර සහනාධාර මුදල් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
එහි කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සදහන් කළේ ඒ සඳහා රුපියල් මිලියන 8990 ක් වැයකර තිබෙන බව සදහන් කර ඇත.
මේ සතිය තුළ තවත් රුපියල් මිලියන 2000 ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
පොහොර සහනාධාරය යටතේ ගොවියෙකුට හිමිවන මුදල රුපියල් 30000කි.
මෙවර යල කන්නයේ හෙක්ටෙයාර් තුන් ලක්ෂ 94299 ක වි වගා කර ඇති බවට ඇස්තමේන්තු කර ඇත ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලින් තවදුරටත් යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක මිලකට ගොවීන්ට නිකුත් කරනු ලබයි .
මේ අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසන්නේ, තවත් යූරියා නැවක් එම් ඕ පී පොහොර නැවක් මේ මාසයේ දිවයිනට ළඟා වන බවයි. යූරීයා පොහොර මෙට්‍රික් ටොන් 18000 නෞකාව මෙරටට ළඟා වන්නේ උස්බෙකිස්ථානයේ සිටයි.
මෙට්‍රික් ටොන් 17000 ක එම් ඕ පී පොහොර රැගත් නෞකාව ඕමානයේ සිට මෙරටට ළඟා වන බව පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.
යල කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර තොග රට සතු බව එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සදහන් කර ඇත එබැවින් පොහොර හිඟයක් පිළිබඳ ගොවීන් අනියත බියක් ඇති කර නොගන්නැයි ඔහු ඉල්ලීමක් කර තිබේ