විශාල ගින්නක් දරුවෙක් මරුට - දෙමව්පියන් ගැන සැකයක්

Child Abuse Accident Death Latest Headlines Sinhala news
By Ashfa Aug 09, 2025 10:01 AM GMT
Ashfa

Ashfa

Report

අද (9) අලුයම 3.30ට පමණ බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නක් හේතුවෙන් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

බලන්ගොඩ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව පොලීසිය විමර්ශණයට ගිය අවස්ථාවේ දරුවාගේ මළසිරුර සොයාගෙන තිබේ.

නමුත් ඒ සිදුවීම වන මොහොතේත් මියගිය දරුවාගේ දෙමව්පියන් නිවසේ සිටි අතර ඔවුනට ගින්නෙන් කිසිදු හානියක් නොවීම සැකසහිත බව පොලිසිය පවසයි.

ගෝඨාභය රාජපක්ෂට අපහාස කළ ලොක්කෙක්ට වැඩ වරදී

ගෝඨාභය රාජපක්ෂට අපහාස කළ ලොක්කෙක්ට වැඩ වරදී

දරුවාගේ මවට අනියම් සබදතාවක් තිබුණු බවත් පියා මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවකු බවත් වාර්තා වේ.

දරුවාගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවත්, පවුල් ආරවුල් හේතුවෙන් මව සහ පියා වෙන්ව සිට ඇති බව සඳහන් වේ.

12 දෙනෙක් එකතු වෙලා රක්ෂිතය ඇතුලේ කැත වැඩක් කරලා

12 දෙනෙක් එකතු වෙලා රක්ෂිතය ඇතුලේ කැත වැඩක් කරලා

මෙම ආරවුල් හේතුවෙන් දරුවාගේ මව සහ පියා වෙන් වෙන්ව ජිවත් වූ අතර ඊයේ (8) රාත්‍රියේ දරුවාගේ මව යළි නිවසට පැමිණීමත් සමග නැවතත් ආරවුලක් සිදුව ඇති බව පොලිසිය සැක කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන අතර, දරුවාගේ මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදු වේ.