ජපානයම හෙල්ලෙයි - ප්‍රබල භූ කම්පනයෙන් විශාල හානියක්

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ දකුණු දිග කුමමොතෝ (Kumamoto) ප්‍රදේශයේ අද (28) සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් විශාල හානියක් සිදුවී ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර සාප්පු සංකීර්ණයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී හෝ ගිනිගෙන ඇති අතර ඓතිහාසික කුමමොතෝ බලකොටුවේ තාප්පවලටද හානි සිදුවී ඇත.

මේ පැතිවල ජනතාවට සුභ ආරංචියක් - නිවාස සංකීර්ණ අලුත්වැඩියාවට රුපියල් මිලියන 764ක්

මේ පැතිවල ජනතාවට සුභ ආරංචියක් - නිවාස සංකීර්ණ අලුත්වැඩියාවට රුපියල් මිලියන 764ක්

එමෙන්ම නිවාස 40,000කට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර ජංගම දුරකථන සේවාවලටද බාධා එල්ල වී තිබෙන බවත් අධිවේගී දුම්රිය ඇතුළු සියලුම දුම්රිය සේවා නතර කර ඇති අතර කුමමොතෝ ගුවන්තොටුපළේ ධාවනපථ වසා දමා ඇති බවත් වාර්තා වේ.

ආරක්ෂිත පියවරක් ලෙස TSMC (චිප් නිෂ්පාදන සමාගම), Sony සහ Fujifilm වැනි ප්‍රමුඛ සමාගම්වල සේවකයින් කර්මාන්තශාලාවලින් ඉවත් කර ඇති අතර මුලින් මීටරයක පමණ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද, පසුව එය ඉවත් කරගන්නා ලදී.

භූ කම්පනයෙන් ප්‍රදේශයේ ඇති න්‍යෂ්ටික බලාගාරවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව එරට රජය පවසයි. මේ අතර ඉදිරි සතිය තුළ තවත් පසු කම්පන සහ නායයෑම් ඇතිවිය හැකි බැවින් අවදානමෙන් පසුවන ලෙස ජනතාවට දන්වා ඇත.