හදිසියේම ප්‍රබල භූමිකම්පාවක්

Report

තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 7.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (27) පස්වරුවේ සිදුව ඇති බව එරට මධ්‍යම කාලගුණ පරිපාලනය (Central Weather Administration) නිවේදනය කර ඇත.

ඉලාන් (Yilan) නගරයට කිලෝමීටර් 32 ක් පමණ නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ භූ මතුපිට සිට කිලෝමීටර් 73 ක් පමණ ගැඹුරින් උත්තර අක්ෂාංශ 24.69° සහ නැගෙනහිර දේශාංශ 122.08° ප්‍රදේශයේ මෙම භූ කම්පනය ඇතිවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

බිහිසුණු අනතුරක් - බස් රථයක් පෙරළෙයි - 09ක් මරුට

බිහිසුණු අනතුරක් - බස් රථයක් පෙරළෙයි - 09ක් මරුට

භූමිකම්පාව හේතුවෙන් තායිවානයේ අගනුවර වන තායිපේ (Taipei) සහ දකුණුදිග කාඕසියුන්ග් (Kaohsiung) නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ප්‍රබල කම්පනයක් දැනී ඇති අතර භූමිකම්පා කේන්ද්‍රයට ආසන්න ඉලාන් ප්‍රදේශයට දැඩි කම්පනයක් එල්ල වී ඇත.

තායිවානයේ ජාතික ගිනි නිවන ඒජන්සිය (National Fire Agency) ප්‍රකාශ කළේ සිදුවූ අලාභහානි පිළිබඳ තක්සේරු කිරීම් මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න