වතුකරයේ සියලුම ජනතාවට රජයෙන් සුබම සුබ ආරංචියක් - අඩු මිලට මේ දේවල් රජයෙන්

Report

වතුකර ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් කාසල්රි ජලාශය වෙත මෙරිගල් මත්ස්‍ය පැටවුන් හැටහය දහසක් (66,000) මුදාහැරීම අද (12) සිදු කෙරිණි.

කාසල්රි ජලාශයේ ධීවර සමිතියේ අනුග්‍රහය ඇතිව, උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය පැටවුන් මෙලෙස ජලාශයට එකතු කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවී වගා සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරියෙකු තහවුරු කළේය.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

මෙලෙස ජලාශයට මුදාහරින ලද මත්ස්‍ය පැටවුන් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ කිලෝග්‍රෑම් 1 සිට 1 ½ දක්වා වූ බරකින් යුතුව වර්ධනය වීමට නියමිත අතර, එම මත්ස්‍ය අස්වැන්න වතුකරයේ ජනතාව වෙත ඉතා සහනදායී හා අඩු මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම, ප්‍රදේශයේ සංචාරක හෝටල් පරිශ්‍ර තුළ මිරිදිය මත්ස්‍යයින් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ආර්ථික මට්ටම ද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.