මේ පාසල් සිසුන් ගැන අවාසනාවන්ත ආරංචියක් - හේතුව මෙන්න

Report

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. එච්. ඒ. එම්. ඉර්ෂාන් මහතානුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය දුර්වල මට්ටමක පවතින බව පවසයි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ පැවැති විශේෂ දැනුම්වත් කිරීමේ ප්‍රදර්ශනයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වසර කිහිපයකට පෙර සිදු කරන ලද සායනික සමීක්ෂණයකට අනුව මෙම තත්ත්වය හඳුනාගෙන ඇති අතර, විශේෂයෙන්ම අඹගමුව, මස්කෙළිය සහ බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මෙම තත්ත්වය වඩාත් බරපතළ බව වෛද්‍යවරයා පෙන්වා දී ඇත. 

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

නිරෝගී මුඛ සෞඛ්‍යයක් සඳහා යහපත් පුරුදු ඇතුළත් මෙම ප්‍රදර්ශනය මෙවර පවත්වනු ලැබුවේ සිව්වන වතාවට වන අතර, ඒ සඳහා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ගේ නිර්මාණ ද එක් කර තිබිණි.

මෙලෙස දරුවන් සහ දෙමාපියන් අඛණ්ඩව දැනුම්වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පෙර පැවති අයහපත් මුඛ සෞඛ්‍ය මට්ටම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි වී ඇති බව ද වෛද්‍ය ඉර්ෂාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි

මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි