රටවල් 2කින් ආව පුදුම හිතෙන පාර්සල්.. ඇරලා බලද්දී හිතාගන්නවත් බැරි දෙයක් ඇතුලේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Sri Lanka Customs Drugs Latest Headlines
By krishani Jun 28, 2024 12:34 PM GMT
krishani

krishani

Report

සීදුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් තුළ සිදුකළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය ඇති බවට සැකකළ පාර්සල් 6ක් පරීක්ෂා කර තිබෙනවා.

රටවල් 2කින් ආව පුදුම හිතෙන පාර්සල්.. ඇරලා බලද්දී හිතාගන්නවත් බැරි දෙයක් ඇතුලේ.. | 6 Drug Parcels From America And Canada

ඒ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ය.

එහිදී එම පාර්සල්වල තිබී කොකේන් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2,030ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2,177ක් තිබී සොයාගෙන තිබෙනවා.

මෙම පාර්සල් කැනඩාව සහ අමෙරිකාවේ සිට කොළඹ, කඩවත යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා ඇති බව සඳහන් වේ.

අදාළ ලිපිනයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී හෙළි ව ඇත්තේ එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව ය.

මෙම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 190කට ආසන්න බව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.