ලෝකයම සලිත කරමින් 'බංකර් බස්ටර්' ඇමරිකාවෙන් පිටත් වෙයි

Report

ඇමරිකාවේ මිසුරි සිට B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ ප්‍රහාරක යානා හයක් ඉන්දියන් සාගරයේ දියාගෝ ගර්ෂියා හි ඇමරිකානු හමුදා කඳවුර වෙත පියාසර කිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවනේදී ඉන්ධන පිරවූ මෙම යානා අධික බරකින් යුතුව පැමිණෙන බව විශ්ලේෂකයෝ පවසති.

මෙම යානා “බංකර් බස්ටර්” (GBU-57A/B MOP) බෝම්බ රැගෙන යාමට හැකි එකම යානා වන අතර, ටොන් 13,600ක බරැති මෙම බෝම්බ ඉරානයේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය වැනි ගැඹුරු ඉලක්ක විනාශ කළ හැකිය. ඇමරිකාවට පමණක් අයත් මෙම බෝම්බ ඊශ්‍රායලය සතුව නොමැති බව වාර්තා වේ.

EXCLUSIVE : ‘ජවිපෙ දේශපාලන ව්‍යාපෘතියක් හරහා රාජ්‍යය පාලනයට යයි’ - පාඨලීගෙන් භයානක හෙළිදරව්වක්

EXCLUSIVE : ‘ජවිපෙ දේශපාලන ව්‍යාපෘතියක් හරහා රාජ්‍යය පාලනයට යයි’ - පාඨලීගෙන් භයානක හෙළිදරව්වක්

X සමාජ මාධ්‍යවල මෙය ඉහළ අවධානයක් ලබා ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතියට පහරදීමේ ඇමරිකානු සැලසුමක් ගැන විශ්ලේෂකයෝ සැක පළ කරති.

ඒ ඉරානයේ ක්වොම් නගරය අසල කන්දක් තුළ මීටර් 80ක්, එනම් අඩි 260ක් පමණ ගැඹුරින් පිහිටා තිබෙන ෆෝර්ඩෝ (Fordo) න්‍යෂ්ටික බලගැන්වීමේ මධ්‍යස්ථානය වැන්නකට පහරදී විනාශ කළ හැකි විශේෂිත අවි ලෙස සැලකෙන “බංකර් බස්ටර්” බෝම්බ ( GBU-57A/B Massive Ordnance Penetrator, හෙවත් MOP බෝම්බ ) රැගෙන ගොස් පහරදීමට හැකි එකම යානා විශේෂය මේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බර් (B-2 Spirit Stealth Bomber) යානා පමණක් වන නිසාය.

විදුලි ඒකකයක් රු,14කින් අඩුවේ. නවතම ගාස්තු මෙන්න

විදුලි ඒකකයක් රු,14කින් අඩුවේ. නවතම ගාස්තු මෙන්න

මෙතෙක් ඊශ්‍රායලය සතුවද මෙම GBU-57A/B Massive Ordnance Penetrator, හෙවත් MOP බෝම්බ නොමැති අතර එය ඇමෙරිකා එක්සත් ජනපදය පමණක් සතු අවියක් ලෙස සැළකෙයි.

එය ටොන් 13,600 (රාත්තල් 30,000) කට ආසන්න බරකින් යුක්ත වන අතර, දිග මීටර් 6.2 (අඩි 20.5) ක් පමණ වෙන බවද සඳහන් වෙයි.

රත්තරන් බිත්තර මිලියන 2ක් මුහුද යටින්

රත්තරන් බිත්තර මිලියන 2ක් මුහුද යටින්

එහි අති විශාල බර සහ ප්‍රමාණය නිසා, එය දියත් කළ හැක්කේ විශේෂ උපායමාර්ගික බෝම්බ හෙලන යානා මඟින් පමණක් බැවින් විශ්ලේෂකයන් බිය පළකර සිටිනුයේ ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතියම වැනසීමේ අපේක්ෂාව ඇතුව ඊට ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සියලුම සැපයුම් කේන්ද්‍රගත කරමින් සිටිනවාද යන්න කෙරෙහිය. 

විදුලි වාහන මිලදී ගැනීමේදී හොඳින් සලකා බලන ලෙස ඉල්ලීමක්

විදුලි වාහන මිලදී ගැනීමේදී හොඳින් සලකා බලන ලෙස ඉල්ලීමක්