බස්වල යන අයට නරක ආරංචියක් - මේ බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටියි

Report

කළුතර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ බස් රථයකට පිරිසක් විසින් එල්ල කරන ලද පහරදීමකට විරෝධය පළ කරමින් බස් රථ සේවකයින් ආරම්භ කළ උද්ඝෝෂණයක් නිසා එම මාර්ගයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ ඊයේ (27) රාත්‍රී 9:30 ට පමණ කළුතර උතුර පොලිස් වසමට අයත් නාගසන්ධිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි.

යතුරුපැදි හතරකින් පැමිණි 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කළුතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයකට මෙම පහරදීම සිදුකර තිබෙන අතර, එම පහරදීමෙන් කොන්දොස්තරවරයා සහ රියදුරු සහයකවරයා තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඊයේ පාසල් ගියේ නැද්ද? දිවයින පුරා පාසල් ඊයේ නොපැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක්.. බරපතළ චෝදනාවක්

ඊයේ පාසල් ගියේ නැද්ද? දිවයින පුරා පාසල් ඊයේ නොපැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක්.. බරපතළ චෝදනාවක්

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සහ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ප්‍රදේශයේ බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත් වී නිහඬ උද්ඝෝෂණයක නිරත වන බවත්, කළුතර - කොළඹ මාර්ගයේ ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ ධාවනය මේ වන විට ඇනහිට ඇති බවත් ඒ අනුව වාර්තා වේ. 

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්