බදාදා නිවාඩුවේ දැම්මේ නීතියක් නෙමෙයි ඉල්ලීමක් - බදාදා නිවාඩු පටලැවිල්ලට කොමසාරිස්ගෙන් උත්තරයක්

Report

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා විසින් සතියේ සෑම බදාදා දිනම සියළුම ආකාරයේ උපකාරක පන්ති අත්හිටුවන ලෙස ගුරුභවතුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

නමුත් මෙය ඉල්ලීමක් පමණක් වන අතර නියෝගයක් නොවන බවද ඔහු පැහැදිලි කර තිබේ. රජය විසින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වැඩි ඉඩක් ලබාදීම සහ ඉන්ධන භාවිතය සුරක්ෂිතව කළමනාකරණය කිරීමේ අරමුණින් විශේෂ තීරණ කිහිපයක් පසුගියදා ගෙන තිබුණි.

බදාදා රජයේ නිවාඩුව සිකුරාදාට දීමෙන් දීර්ඝ නිවාඩුවක් ලැබෙයි - බදාදා නිවාඩුව ගැන අමාත්‍යවරයාගේ ප්‍රකාශය

බදාදා රජයේ නිවාඩුව සිකුරාදාට දීමෙන් දීර්ඝ නිවාඩුවක් ලැබෙයි - බදාදා නිවාඩුව ගැන අමාත්‍යවරයාගේ ප්‍රකාශය

ඊට අනුව, නැවත දැනුම්දෙන තුරු සතියේ සෑම බදාදා දිනම රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නිවාඩුව රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහාද බලපැවැත්වේ.

මෙම තීරණය අධ්‍යාපන ක්ෂේත්‍රයටද ව්‍යාප්ත වන අතර, රජයේ, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්, පෙර පාසල්, පිරිවෙන්, වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතන ඇතුළු සියලුම ආයතන සඳහාද අදාළ වන බව සඳහන් වේ.

ඉන්ධන බෙදා හැරීම නවතියි? තෙල් බව්සර් සේවයෙන් ඉවතට

ඉන්ධන බෙදා හැරීම නවතියි? තෙල් බව්සර් සේවයෙන් ඉවතට

එමෙන්ම, සියලු රාජ්‍ය උත්සව තාවකාලිකව අත්හිටුවීමටද තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයට හැකි තරම් මාර්ගගත ක්‍රමය යටතේ සේවකයින් යොදවා ගැනීමටද උපදෙස් ලබාදී ඇත.

කෙසේවෙතත්, සෞඛ්‍ය, බැංකු, විදුලිය, ජලය, වරාය, රේගු සහ ගුවන් සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙම නිවාඩු ක්‍රමය අදාළ නොවන බවද සඳහන් වේ.