ක්ෂණික ණය ලබාගෙන ගෙවීම් පැහැර හරින්නන්ට වැඩ වරදී..

Sri Lanka Police Colombo Sri Lanka Online business
By Piyumika Jul 25, 2024 02:14 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ, කළුතර, ගම්පහ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාව online මගින් ලබාගත් ක්ෂණික ණය ආපසු අය කර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වනවිට ගොනු කර ඇති බව වාර්තාවේ .

ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි කොළඹ, ගම්පහ, කළුතර, දිස්ත්‍රික්කයන්ට අමතරව හම්බන්තොට, ගාල්ල, මාතර, බෙලිඅත්ත, අවිස්සාවේල්ල, කෑගල්ල ,මාවනැල්ල පොළොන්නරුව, හඟුරන්කෙත, මන්නාරම, පුත්තලම, ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට එරෙහිව කොල්ලුපිටියේ ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් සමාගම මගින් මෙම නඩු පවරා තිබේ.

වතුර ටැංකියක තිබී හමුවූ ඇඟ කිලිපොලා යන දේ..

වතුර ටැංකියක තිබී හමුවූ ඇඟ කිලිපොලා යන දේ..

කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ ඉදිරියේ මෙම නඩු කැඳවූ අතර නීතිඥ ඩිල්ෂාන් වීරසේකර පැමිණිලිකාර සමාගම වෙනුවෙන් කරුණු දැක්වීය.

2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියපදිංචි ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් සමාගමේ ලෝන්මී (loanme.lk) ඇප් එක සහ වෙබ් අඩවියට පිවිස කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ණය මුදල් ලබා ගෙන හිතා මතා ගෙවීම් පැහැර හැරි පුද්ගලයන්ට මෙම නඩු පවරා ඇති බව නීතිඥවරයා සඳහන් කළේය.

"බ්‍රිතාන්‍ය බ්ලූස්ගේ ගෝඩ් ෆාදර්" මිය යයි..

"බ්‍රිතාන්‍ය බ්ලූස්ගේ ගෝඩ් ෆාදර්" මිය යයි..

විත්තිකරුගේ ජංගම දුරකථන අංකය හරහා loanme මෘදුකාංගයට උඩුගත කළ ජාතික හැඳුනුම්පත ඡායාරූපය හා බැංකු ගිණුම් අංකයට පැමිණිලි කාර සමාගම මාර්ගත ක්‍රමය ඔස්සේ රුපියල් ලක්ෂ 02 වඩා අඩු ණය බැර කර ඇති බවත්, එම ණය නියමිත පරිදි නොගෙවීම සම්බන්ධයෙන් සමථ මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී සමථයකට පත් නොවූ පුද්ගලයන්ට 2022 අංක 33 දරන සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව නඩු පැවරූ බවත් නීතිඥවරයා පැවැසීය.

මෝරුන්ගේ ශරීරයේ තිබී හමු වූ භයානක දේ..

මෝරුන්ගේ ශරීරයේ තිබී හමු වූ භයානක දේ..

විත්තිකාර ණය හිමියාගෙන් අදාළ ණය මුදල් අය කර ගැනීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත්, ණය ලබාගත් දින සිට නඩුව අසා නිමවනතුරු ඊට අදාළ නෛතික පොලිය හා නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග කරන්නැයි පැමිණිලි මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ක්ෂණික ණය ගෙවීම පැහැර හැරී තවත් පන්සියයකට අධික පිරිසකට එන්තර වාසි යොමු කර ඇති බව පැවසූ නීතිඥ ඩිල්ෂාන් වීරසේකර එම නඩු විත්තිකරුවන් පදිංචි දිසා අධිකරණ බල ප්‍රදේශවල පැවරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මේෂ, සිංහ,තුලා සහ වෘශ්චික යන ලග්න හිමියන්ට අද රතු එළියක්..දැඩි කල්පණාවෙන් වැඩ කරන්න..

මේෂ, සිංහ,තුලා සහ වෘශ්චික යන ලග්න හිමියන්ට අද රතු එළියක්..දැඩි කල්පණාවෙන් වැඩ කරන්න..

පැමිණිලිවල කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා නොවෙම්බර් 11 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට විත්තිකරුවන්ට නොතීසී නිකුත් කරමින් නියෝග කළේය.

ReeCha