හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පනහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට
හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, ඔවුන්ගේ ඥාතීන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් මෙම වසර අවසන් වීමට ප්‍රථම අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මොවුන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසියේ විශේෂ විමර්ශන අංශ මඟින් සිදුකරමින් පවතින පරීක්ෂණ මේ වන විට බෙහෙවින් වේගවත් කර තිබේ.
අදාළ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා, වංචා සහ දූෂණ හේතුවෙන් රටට අහිමි වී ඇති සමස්ත මුදල රුපියල් කෝටි 5,000 (බිලියන 50) කට අධික බව අල්ලස් කොමිෂන් සභාව සහ පොලිස් විමර්ශන මඟින් අනාවරණය වී ඇත.
පසුගිය කාලසීමාව තුළ සිදුවූ විවිධ දූෂණ චෝදනාවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් විස්සකට ආසන්න පිරිසක් මේ වන විටත් විවිධ දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටිති.