දක්ෂිණ අධිවේගයේ මේ ප්රදේශයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්රදේශයේ රථ වාහන තදබදයක් ඇතිව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව මෙලෙස රථ වාහන තදබදයක් හටගෙන ඇත්තේ සිදුවන නඩත්තු කටයුත්තක් හේතුවෙන් එක් මංතීරුවක පමණක් වාහන ධාවනය සිදු කිරීම බව සඳහන්.
එසේම වාහනයක් කාර්මික දෝෂයකට ලක්වීමත් මීට හේතු වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ගැලනිගම ප්රදේශය ඔස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට වඩාත් සැලකිලිමත්ව සහ අවධානයෙන් රිය ධාවනය කරන ලෙස අදාළ බලධාරීන් දැනුවත් කරයි.