මජිඩ් පෙදෙස පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් - කොලොන්නාවේ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන ඇරඹෙයි

Report

“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනින් කොලොන්නාව මජිඩ් පෙදෙස පිරිසිදු කෙරේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක වන “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රදේශයේ මජිඩ් පෙදෙස ඇතුළු ස්ථාන රැසක් පිරිසිදු කිරීම අද (08) සිදු කෙරිණි.

“පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමද අද සිදු වූ අතර, පරිසර ප්‍රජා සහජීවනය ඇති කරමින් පවිත්‍ර හා ආකර්ෂණීය දේශයක් නිර්මාණය කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබේ.

ගම්පහ නගරය පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් - “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන ගම්පහින් ඇරඹෙයි

ගම්පහ නගරය පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් - “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන ගම්පහින් ඇරඹෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන, ග්‍රාමීය ප්‍රජා ශක්ති කමිටුවල සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

ප්‍රජා සහයෝගීතාව සහ සාම්ප්‍රදායික ශ්‍රම හුවමාරු සංකල්පය යළිත් තරුණ පරපුර අතර ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. එමෙන්ම පොදු දේපළ පිළිබඳ ධනාත්මක ආකල්පයක් ජනතාව තුළ ඇති කිරීම, ඌන උපයෝජිත පොදු පහසුකම් සංවර්ධනය කිරීම සහ මහාමාර්ග, මංමාවත්, වෙළෙඳපොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කර ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීමද අපේක්ෂා කෙරේ.

කොලොන්නාව “අත්තම” පවිත්‍රතා වැඩසටහන යටතේ වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත සහ 510 ග්‍රාම නිලධාරී වසම ආශ්‍රිතව පවිත්‍රතා කටයුතු ආරම්භ කෙරිණි. ඒ යටතේ 143 බස් නැවතුම්පොළ සහ ඒ අවට මාර්ගයට අවදානමක්ව පැවති ගස් ඉවත් කිරීම, 117 පිට්ටනිය වත්ත පිරිසිදු කිරීම, අතහැර දමා ඇති මජිඩ් මහල් නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීම සහ මජිඩ් පෙදෙසේ කාණු පද්ධති හා ඇළ මාර්ග පිරිසිදු කිරීම සිදුකර තිබේ.

වැඩසටහන ආරම්භ කරමින් රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අමතමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, රට ගොඩනැගීම සඳහා ජනතා සහභාගිත්වය අත්‍යවශ්‍ය වන බවයි. “අත්තම” ජාතික වැඩසටහන සෑම මසකම අවසන් සතියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, එය හුදෙක් ශ්‍රමදාන වැඩසටහනකට සීමා නොවී ජනතාව, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරන දිගුකාලීන ජාතික මෙහෙවරක් බවට පත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

හිරගෙවල් වහන දරු පරම්පරාවක් අපි හදන්න ඕනේ - ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්

හිරගෙවල් වහන දරු පරම්පරාවක් අපි හදන්න ඕනේ - ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්

මෙම අවස්ථාවට කොළොන්නාව මහ නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, උප සභාපති සේනක සමන්ත සෙනෙවිරත්න, නාගරික මන්ත්‍රීවරුන් වන හර්ෂ නලින් හේමරත්න, එස්.කේ. ශෂිකලා, පිර්දොස් මව්ලවි සහ දපුල කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

එමෙන්ම කොටිකාවත්ත–මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි පරණවිතාන, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂිකා පී.ඩී. රූපසිංහ, පොලිස් නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු හා ප්‍රජා ශක්ති කමිටු සාමාජිකයන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක්ද මෙම පවිත්‍රතා මෙහෙයුමට එක්ව සිටියහ.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...