වසර ගණනාවක උතුම් සම්ප්‍රදාය සුරකිමින් - මහනුවර ඇසළ පෙරහැරට අවශ්‍ය කොප්පරා සියල්ල යුද හමුදාවෙන් පූජා කරයි

Report

මහනුවර ඇසල පෙරහැරට අවශ්‍ය කරන කොප්පරා මෙවර ද යුද හමුදාව පරිත්‍යාග කර ඇත ඉපැරණි සම්ප්‍රධායන්ට අනුව ඇසල පෙරහැර ආලෝකමත් කිරීමට කොප්පරා දැල්වීම පෙරහැරේදී සිදු

තවද වසර ගණනාවක සිට මේ සඳහා අවශ්‍ය කොප්පරා සපයන්නේ යුද හමුදාවයි.

ඒ අනුව මෙවර ද පෙරහැරට අවශ්‍ය කොප්පරා පූජා කිරීම යුද හමුදාපති ලුතිනන් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න, විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් නලීන් බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කරනු ලබයි.

  ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා මෙම අවස්ථාවට සහභාගී වූ බවසදහන් වේ