මුළු ලංකාවටම සුබ සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ නොසිතූ ලෙස ආදායමක් ඉහළට

Report

මෙරට සමස්ත නිල විදෙස් සංචිත ප්‍රමාණය ජූලි මාසය අවසාන වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,591 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මෙම දත්ත සටහන් කර ඇති අතර, එය ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී වාර්තා වූ සුළු ඉහළ යෑමකි.

සුබ ආරංචියක් - රජයේ මේ නිලධාරින්ට ලබා දෙන ඉන්ධන සහනාධාර වැඩි කරයි

සුබ ආරංචියක් - රජයේ මේ නිලධාරින්ට ලබා දෙන ඉන්ධන සහනාධාර වැඩි කරයි

පසුගිය ජූනි මාසයේදී මෙරට විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,458 ක් ලෙස සටහන්ව තිබූ අතර, ජූලි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 133 කින් ඉහළ ගොස් තිබේ.

ප්‍රතිශතයක් ලෙස ගත් කල මෙය ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ලැබූ සියයට 2.017 ක වර්ධනයකි.

මේ අතර, පසුගිය ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී මෙරට රන් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් මිලියනයකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

වසර 17කට පසු මාලිමාව ලබපු ජයග්‍රහණය

වසර 17කට පසු මාලිමාව ලබපු ජයග්‍රහණය

ඒ අනුව ජූනි මාසයේදී ඩොලර් මිලියන 191 ක් ලෙස පැවති රන් සංචිත ප්‍රමාණය ජූලි මාසය අවසානයේදී ඩොලර් මිලියන 192 දක්වා වැඩි වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.