මැගසින් බන්ධනාගාරයේ රැදවියන්ට පාර්සලයක් ලබා දීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

Report

මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන් වෙත මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ලබා දීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බේස්ලයින් පාරේ පිහිටි මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසලදී අද (08) දහවල් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං - හෙට දිනයේදී අවධානයෙන් සිටිය යුතු දිස්ත්‍රික්ක මෙන්න

පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං - හෙට දිනයේදී අවධානයෙන් සිටිය යුතු දිස්ත්‍රික්ක මෙන්න

අදාළ සැකකරුවන් දෙදෙනා විසින් බන්ධනාගාර තාප්පයෙන් ඇතුළතට පාර්සල් දෙකක් විසි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔවුන්ව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම පාර්සල් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250 ක්, ඈෂ්  මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2 ක්, කුඩා ජංගම දුරකථන 2 ක්, දුරකථන චාජර් 2 ක්, කරාබු ජෝඩු 2 ක් සහ ලයිටර් 10 ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ප්‍රතික්ෂේප වේ.. පිටු ගණන අඩු කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නැද්ද? බරපතළ චෝදනාවක්

ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ප්‍රතික්ෂේප වේ.. පිටු ගණන අඩු කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නැද්ද? බරපතළ චෝදනාවක්

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 29 වැනි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (09) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.