එකම පවුලේ 3කට නිල් මැණික් 5ක්.

By Wayomi Feb 03, 2023 07:45 AM GMT
Report

කතරගම - කොච්ච්පතාන ප්‍රදේශයේ එකම පවුලේ තුන්දෙනෙකුට නිල් මැණික්ගල් 05 ක් හමුවී තිබෙනවා.

මෙලෙස නිල් මැණික් ගල් හමු වී ඇත්තේ කතරගම වන්දනාවේ පැමිණෙන පිරිස් වෙනුවෙන් පූජා භාණ්ඩ අලෙවිකරන වෙළෙන්දන් තුන්දෙනෙකුටයි.

මීට වසර ගණනාවකට පෙර කතරගම - කොච්ච්පතාන ප්‍රදේශයේ මැණික් ඉල්ලම් තිබූ ස්ථානයක් වන අතර මෑතක සිට ජනතාව නැවතත් එම ප්‍රදේශයේ මැණික් ගැරීමට පුරුදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මැණික් ගල් හමුවීමත් සමඟ එම ස්ථානයට පැමිණෙන පිරිස වැඩි වී ඇති බව සඳහන්.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW