ඖෂධ ගන්න ලැබුණු ඩොලර් මිලියන 400ට සිදු වූ දේ.
පසුගිය වසරේ ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ඖෂධ මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් මේ වනතුරු කිසිදු මිලදී ගැනීමක් සිදු කර නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
ඊට අමතරව ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ, ඖෂධ මිලදී ගැනීම සඳහා ලැබුණු මුදල් ද මුළුමනින්ම වැය කර නොමැති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ ලැබුණු මුදල්වලින් ඩොලර් මිලියන 50ක් පමණක් ඖෂධ මිල දී ගැනීම සඳහා ණයක් වශයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති අතර ඔවුන් ඖෂධ ගෙන්වීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම ඉන්දියානු ණය ආධාරවලින් ඖෂධ මිල දී ගැනීම සඳහා ලබාදුන් අමෙරිකානු ඩොලර් 200න් තවත් ඇත්තේ ඩොලර් මිලියන 30ක් පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසන්නේ.
රජයේ රෝහල්වල ඖෂධ හිඟය එන්න එන්නම් වැඩි වෙද්දී සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ ගෙන්වීමට පියවර නොගැනීම පිළිබඳව සෞඛ්‍ය අංශත් පුදුමයෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |