පාකිස්තානයේ අධිවේගී මාර්ගයක දරුණුතම බස් අනතුරක් - 40ක් එතනම ජීවිතක්ෂයට

Report

පාකිස්තානයේ අධිවේගී මාර්ගයක සිදුවූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ, අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පාෂාණමය මිටියාවතකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරට ලක්ව ඇත්තේ පාකිස්තානයේ ක්වේටා නගරයේ සිට පෙෂාවර් නගරය බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයකි.

අනතුරට හේතුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.