ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ප්‍රධාන ජලාශ 73න් 36ක් මේ වන විටත් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 52කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ, මෙම වාන් දැමීම් පාලිත ලෙස සිදුකරන බැවින් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි. එබැවින් මහජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැත.
කෙසේ නමුත්, ඉදිරි දිනවල ඊසානදිග මෝසම් වැසි හේතුවෙන් ගංගාවල ජල මට්ටම් ඉහළ යාමේ හැකියාවක් තිබෙන බැවින්, ගඟ ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන් විමසිල්ලෙන් සිටිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර, ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලිනි.