දිස්ත්‍රික්ක 2කට නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කෙරේ

Report

පසුගිය දින කිහිපයේ ලැබුණු අධික වර්ෂාපතනයත්, ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වයත් සැලකිල්ලට ගෙන, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මිණිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන ක්‍රියාත්මක වේ. මෙම ප්‍රදේශවල ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යෑමට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම, දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට පමණ අදියර 2 යටතේ විමසිල්ලෙන් සිටින ලෙස අම්බර් නිවේදන නිකුත් කර ඇත.

22 වෙනිදා වෙනකල් විතරයි - දැනුවත්කිරීමක්

22 වෙනිදා වෙනකල් විතරයි - දැනුවත්කිරීමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පැවසුවේ, පසුගිය දින කිහිපයේදී ලැබුණු වර්ෂාව හේතුවෙන් ආයතනයට ලැබී ඇති පරීක්ෂණ ඉල්ලීම් 5,450ක් බවයි. එම ඉල්ලීම්වලට අදාළ ස්ථාන 10,884ක් වන අතර, ඉන් ස්ථාන 1,433ක පරීක්ෂණ අවසන් කර තිබේ.

මධ්‍යම පළාතේ පාසල් 128කට පරීක්ෂණ ඉල්ලීම් ලැබී ඇති අතර, ඉන් පාසල් 120ක් දැනටමත් පරීක්ෂා කර අවසන් බවද ඒ මහතා සඳහන් කළේය.

ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නායයෑම් අවදානම් ප්‍රදේශවල සිටින අය විමසිල්ලෙන් පසුවීමට සහ අවශ්‍ය නම් ආරක්ෂිත ස්ථාන කරා යෑමටය.

අද රත්තරන් මිල ගණන් මෙන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න