මාස 05ක් තුළ යුක්තියේ මෙහෙයුමෙන් පුද්ගලයින් 3,400ක් පමණ අත්අඩංගුවට...
By Parami Dissanayake
පසුගිය මාර්තු මස 19 වනදා සිට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ වැටලීම් මඟින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබෙනවා.
ඒ ගතවූ මාස 05 තුළ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 3,400 ඉක්මවූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සඳහා සෘජුව සහාය දැක්වීම, අපරාධ සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබල ලබාදීම යනාදිය සම්බන්ධයෙන් සැකකරුවන් සහ සැකකාරියන් 3,411 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.