රජයේ පත්වීම් 304ක් මෙන්න

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ, ආයුර්වේද වෛද්‍යවරුන් 304ක් සඳහා පත්වීම් ලබාදීම අනුමත කර ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවය.

කඩ අයින් කරන්න ගිය නගර සභාව එක්ක පදික වෙළඳුන්ට මල පනී, තත්ත්වය පාලනය කරන්න පොලිස් ආමි ගෙන්නයි

කඩ අයින් කරන්න ගිය නගර සභාව එක්ක පදික වෙළඳුන්ට මල පනී, තත්ත්වය පාලනය කරන්න පොලිස් ආමි ගෙන්නයි

තවද ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 1000කට වඩා සිටින අතර ඔවුන් සියල්ල රජයේ සේවයට බඳවා ගැනීම නොහැකි බවත්, පුහුණුකර විදෙස් හෝ සංචාරක ක්ෂේත්‍රය වෙත යොමු කළ හැකි බවද පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

අමාත්‍යවරයා අවධාරණය කළේ, බටහිර වෛද්‍ය ක්‍රමය පමණක් නොව දේශීය ආයුර්වේද, සිද්ධ, යුනානි ක්ෂේත්‍ර ද සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන අතර, වසර තුනකින් ප්‍රාදේශීය මට්ටමින් නව සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් පිහිටුවමින් සියලු වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කළ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

සංචාරකයින් සදහා ආයුර්වේද, සිද්ධ, යුනානි සේවාවන් දැක්විය හැකි විශේෂ හැකියාවක් වන අතර, මේ ක්ෂේත්‍රය සංවර්ධනය කර ආදායමක් උපයා ගැනීමට ඔසු උයන් පද්ධතිය විවෘත කළ යුතු බවද ඔහු පැවසීය.

එසේම කයිඉට්ටි සිද්ධ රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමට හැකියාව තිබෙන අතර, හෙද කාර්ය මණ්ඩලය පූර්ණ කළ යුතු බවද සඳහන් විය. ආයුර්වේද සහායක පිරිස් සම්බන්ධ ගැටළු සඳහාද ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.