ප්‍රධාන ජලාශ 30කට වැඩි ප්‍රමාණයකින් තවමත් වාන් දමනවා
ගංගා ද්‍රෝණි කිහිපයකට අද (12) දිනයේ පැය 24ක කාලය තුළ මි.මී. 50කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා අද පෙරවරුවේ (12) දැනුම් දුන්නේය.
විශේෂයෙන්ම ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ සහ යාන්ඔය ද්‍රෝණිවල ඉහළ ප්‍රදේශවල මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලද මි.මී. 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් දක්නට ලැබුණත්, එය ගංවතුර මට්ටමකට එළඹීමක් නොවන බවත්, එය තවදුරටත් ගංවතුරක් බවට පත්වීමේ අවදානමක් නොමැති බවත් සූරියබණ්ඩාර මහතා පැවසීය.
එසේම ජලාශවල ජල මට්ටම් සැලකිල්ලට ගැනීමේදී ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයකින් තවමත් වාන් දොරටු විවෘත කර ජල මට්ටම් පාලනය කරන බවත් ඔහු සඳහන් කළේය. මෙම ජලාශ අතරින් ප්‍රධාන වශයෙන් දැදුරු ඔය, රාජංගනය, නාච්චාදූව, යාන්ඔය, පදවිය, ලුණුගම්වෙහෙර සහ සේනානායක සමුද්‍රය ජලාශවල වාන් දොරටු විවෘත කර ජල මට්ටම් අඩු කරන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම තත්ත්වය තුළ ගංගා ගඩන ආසන්නයේ පදනම් වැසියන්ට තවදුරු වැසි ඇතිවීමේ හැකියාව සැලකිල්ලට ගෙන පූර්වාරක්ෂක පියවර ගැනීමට උපදෙස් දෙන ලෙසත් සූරියබණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.