ලංකාවේ සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින්ගෙන් 30%ක් මෙහෙමයි - පොලිස්පතිටත් ලිපියක්
ශ්‍රී ලංකාවේ සිටින සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් (Transgender Sex workers) හෙවත් සංක්‍රාන්තික ලිංගිකභාවයක් සහිත පුද්ගලයින්ගෙන් සියයට 25ත්-30ත් අතර සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇති බව සඳහන්.
මෙම සමීක්ෂණය සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින පදනම මඟින් සිදුකර ඇත. මේ වන විට මෙරට තුළ සංක්‍රාන්තිකයින් (Transgender) සැලකිය යුතු පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා රැකියාව වශයෙන් සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික (Transgender Sex workers) තෝරාගෙන ඇති බව එම පදනම සඳහන් කරයි.
එසේම මින් බොහෝ පිරිසක් සංක්‍රාන්තිකයින් ලිංගිකභාවය සහිත පුද්ගලයින් බැවින් තම පවුල්වලින් හා නිවෙස්වලින් ඉවත් කිරීම හේතුවෙන් මෙසේ සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික (Transgender Sex workers) වෘත්තිය තම රැකියාව වශයෙන් තෝරාගෙන ඇති බව සඳහන්.
එමෙන්ම මෙම වෘත්තීයේ ඇති නිදහස්භාවය හේතුවෙන් බොහෝ පිරිසක් අයිස්, හෙරෝයින්, ගංජා, මත්පෙති වැනි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව ද පවසයි. මෙය ලංකාවේ සිටින සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින්ගේ (Transgender Sex workers) ප්‍රධාන ගැටලුවක් වේ.
ඊට අමතරව පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පහරදීම් මෙන්ම මත්ද්‍රව්‍ය දමා චෝදනා ගොනුකරමින් අනීතික ආකාරයට අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සහ සමාජයෙන් ඔවුන්ට එල්ලවන තාඩන පීඩන සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයා දැනුවත් කරමින් ලිඛිතව පොලිස් මූලස්ථානය වෙත දැනුම්දීමක් ඔවුන් සිදු කර ඇත.
එමෙන්ම හදිසි අවස්ථාවකදී රෝහල්ගත කිරීමේදී ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳව අදාළ බලධාරීන්ගේ නොදැනුවත්කම හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව ද සඳහන්.
එබැවින් ඔවුන්ට නීතිඥවරයකුගේ මෙන්ම පොලීසියේ සහාය ද ලබා ගැනීමට සිදුව ඇති නිසා මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් ඔවුන් පොලිස්පතිවරයාට දන්වා යැවූ ලිපියේ සඳහන් වන බව පවසයි.
මේ අතර සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින පදනම සඳහන් කළේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තාවක් මඟින් පොලිස් මූලස්ථානය ඇතුළු රජයේ වගකිය යුතු ස්ථාන දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වෙන බවයි.