අවුරුදු 3යි මාස 8ක දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් - මෙරටින් ඇසෙන අහස පොළව නුහුලන අපරාධය..

By Sewvandhi Oct 02, 2022 01:23 PM GMT
Report

වයස අවුරුදු 3යි මාස අටක දරුවෙකු ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ අයෙක් මොනරාගල දොඹගහවෙල ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක දොඹගහවෙල ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයකු වන අතර සැකකරු විසින් ඊයේ (01) දින අවස්ථා කිහිපයකදී දරුවා අපයෝජනයට ලක්කර ඇත.

දරුවාගේ මව දරුවාව අසල නිවසක රඳවා රෝහලට ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් එම අපරාධය සිදුකර තිබේ. දරුවා රෝහල් ගත කර ඇති අතර සැකකරු සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ලිංගික අපයෝජනයට ලක්ව තුවාල ලැබු දරුවා මේ වනවිට රෝහල්ගත කර ඇති අතර, දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now