අවන්හලක ආරවුලකින් පසු මුදල් කොල්ලකෑ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනාට සහ සිවිල් වැසියාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්!
ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකර ඇත දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.
2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලකදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.
එම චෝදනාවලට වරදකරු කෙරුණු සිවිල් පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර 5ක සිරදඬුවමක් විනිසුරුවරයා විසින් නියමකර ඇත.
එමෙන්ම චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට විනිසුරුවරයා විසින් බරපතළ වැඩ සහිත වසර 3 බැගින් වූ සිරදඬුවම් නියම කර තිබේ.