රටම ආන්දෝලයට ළක් කළ කපිල චන්ද්‍රසේනගේ මරණයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සිදු වූදේ - නීතිඥයින් සාක්ෂියට කැඳවනවාද?

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂිය සඳහා ජනාධිපති රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද? නැද්ද? යන නියෝගය ජුනි 2 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) තීන්දු කර තිබේ .

මෙම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබ තිබේ .

ඒ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවේ නීතිඥවරු වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ට නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

  ඉන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තේජිත කෝරලගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් සිතාසි නිකුත් කර නොතිබුණද මාධ්‍යවලින් පළවූ වාර්තාවලට අනුව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අද අධිකරණය හමුවේ පෙනී සිටින බව ප්‍රකාශ කර තිබේ . 

චන්ද්‍රසේන මහතා මරණයට පත්වූ නිවුස්ඇලට් එක දැකලා මම අරවින්ද මහතාට කතා කළා..ඒ මහත්තයා කිව්වා..ඇප තියන්න ආ සාක්ෂිකරුවෙකු කට අරී

චන්ද්‍රසේන මහතා මරණයට පත්වූ නිවුස්ඇලට් එක දැකලා මම අරවින්ද මහතාට කතා කළා..ඒ මහත්තයා කිව්වා..ඇප තියන්න ආ සාක්ෂිකරුවෙකු කට අරී

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙවැන්නක්

"ස්වාමීනී.... අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370(5) වගන්තිය යටතේ ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දීම අවශ්‍යදැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා.

සාක්ෂි ආඥා පනතේ 126 සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති 30 සිට 34 දක්වා ප්‍රතිපාදනවලට අනුව නීතිඥවරයෙකු සිය සේවාදායකයා සමග සිදු කරනු ලබන උපදේශාත්මක කාරණා සම්බන්ධයෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එය නීතිඥවරයෙකුට පැවරී තිබෙන වගකීමක්.

මෙම මරණ පරීක්ෂණයේදී සිදුවන්නේ මරණකරුගේ මරණය සිදුවූ හේතුව සොයා ගැනීමයි. ඒ නිසා නීතිඥවරයෙකු හා සේවාදයකයෙකු අතර හුවමාරු වූ අදහස් මෙම කාරණය ස්වාගැනීමට කොයිතරම් අදාලවේද යන්න සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් අධිකරණයේ අවධානය යොමු කරනවා.

එම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370(5) යටතේ මෙම ජනාධිපති නීතිඥවරයාගේ සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාගේ සාක්ෂිය කැඳවීමට අවශ්‍යද යන්න නිගමනය කරන ලෙසත් මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා"

යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසීය.

මඩකලපුවම හෙල්ලූ එකම පවුලේ දරුවන් දෙදෙනාගේ මරණ වල තවත් කරුණු රැසක් එළියට

මඩකලපුවම හෙල්ලූ එකම පවුලේ දරුවන් දෙදෙනාගේ මරණ වල තවත් කරුණු රැසක් එළියට

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ජනාධිපති නීතිඥවරයාගෙන් සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේදැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ

එම ප්‍රකාශය සටහන් කරගෙන හැක බවය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මතුකළ කාරණා සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කියා සිටියේ

"2026 වසරේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මියගිය කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් නියම කර තිබෙනවා. පසුව ඇපකරුවන් ඉදිරිපත් කිරීමේදී ඇති වූ අක්‍රමිකතාවයක් නිසා ඔහුට ඇප ලබාගැනීමට බැරිවෙනවා. ඉන් පසුව ඇපකරුවන් ඉදිරිපත් කර ඒ මහතා මැයි මස 6 වනදා බන්ධනාගාරයෙන් පිටව යනවා. පසුව මැයි මස 7 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට යළි වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. එදින හවස් යාමයේ අරවින්ද ද සිල්වා මාවතාගේ නිවසට පිරිසක් ඇවිත් තිබෙනවා.

එම පිරිස පසුව ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ නිල මැදිරියට ගොස් සාකච්ඡා කර තිබෙන බවත් පරීක්ෂණ වලදී හෙළිවෙලා තිබෙනවා. එම ස්ථානයේදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් රියැන්සි අර්සකුලරත්න මහතා සහ මියගිය කපිල චන්ද්‍රසේන මහතා අතර සංවාදයක් ඇති වී තිබෙන බව බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා.එහිදී සාකච්ඡා වූ කරුණු කුමක්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහායි එම නීතිඥවරු සාක්ෂියට කැඳවා තිබෙන්නේ"

යනුවෙන් පොලිසිය පැවසීය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ,

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද නැද්ද යන නියෝගය ජූනි මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බවය. ඒ අනුව ඉදිරියේදී අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන්ට අවවාද කළේය.

මෙම පරීක්ෂණයට සාක්ෂිදීම සඳහා කැඳවා තිබූ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුට එදින අධිකරණ යාමේ පෙනී සිටින ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා දැක්වීය.

මෙහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ කොළඹ අපරාධ කොට්ඨාශය cctv දර්ශන හා දුරකථන ඇමතුම් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් දැනුම් දුන්නේය. '