ලබන අවුරුද්දේ හජ් වන්දනාවට ලංකාවෙන් 3500ක්
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර 2026 හජ් වන්දනාව සඳහා ගිවිසුමකට අත්සන් තැබූවේ ඊයේ (09) සෞදි අරාබියේ ජෙද්ද නුවරේදීයි.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500 දෙනෙකුට හජ් උත්සවයට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇති බව තහවුරු වී ඇත.
ගිවිසුමට අත්සන් තැබූවේ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් සහ සෞදි අරාබියේ හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල්ෆට්ටා බින් සුලෙයිමාන් මඟට යන මහත්වරුනි.
මෙම ගිවිසුම මගින් දෙරටේ රජයන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය සහ කැපවීම දැක්වෙන අතර, ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පහසුකම් සහ සේවා ලබාදීමට විශේෂ අවධානය යොමු වේ. 2025 හජ් වන්දනාව සඳහා සෞදි අධිකාරීන්ගේ ශ්‍රේෂ්ඨ සංවිධානයන්ට ශ්‍රී ලංකා රජයේ කෘතඥතාවය ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍ය මුලෆර්, 2026 සඳහාත් සමාන සහයෝගීතාව තහවුරු කළේය.
එසේම, ශ්‍රී ලංකාවේ හජ් ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා සකස් කර ඇති හජ් පනතේ සැලසුම් ද මෙහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ.