සෞඛ්‍ය අංශයෙන් ලංකාවේ දරුවන්ගෙන් 25% ක් ගැන නරක ආරංචියක් - පාසල් දරුවන්ට මෙහෙම වෙන්න හේතුවත් පහදයි

Report

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පැවතියද, අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 25%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම තත්ත්වය නිසා පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් හතරෙන් එකකට (1/4) තමන් බලාපොරොත්තු වන අධ්‍යාපනික ඉලක්ක කරා ළඟා වීමට නොහැකි වී ඇති බව ඔහු අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවරදී පැවැති වෘත්තීය දේශකවරුන්ගේ පදනමේ රැස්වීමකට සහභාගි වෙමින්.

වෙසක් දිනය මැයි 1 දා සමරන්න - හේතුවත් එක්කම රටට දෙසුව කොටපිටියේ අනුනාහිමි

වෙසක් දිනය මැයි 1 දා සමරන්න - හේතුවත් එක්කම රටට දෙසුව කොටපිටියේ අනුනාහිමි

එම අවස්ථවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ කළල අවස්ථාවේ සිටම නිසි පෝෂණයක් නොලැබීම දරුවාගේ බුද්ධි වර්ධනය අඩාල වීමට සෘජුවම බලපාන බවයි.

"අපි කොතරම් හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නත්, පෝෂණ ඌනතාව නිසා ඇතිවන බුද්ධි ඌනතාව හේතුවෙන් මෙම දරුවන් ඉහළට ගෙන ඒම අසීරු වී තිබෙනවා. පසුගිය වසරේ දත්තවලට අනුව අපේ රටේ කුඩා දරුවන්ගෙන් විශාල පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වී අවසන්. පෝෂණ ඌනතාවක් පවතිනවා යනු බුද්ධිමය ඌනතාවක් පවතිනවා යන්නයි,"

නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වෙන අයගේ අංක අකැමැත්තෙන් ප්‍රසිද්ධ කළොත් වැඩ වරදියි - මේ නීතිය ගැන දැනගන්න

නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වෙන අයගේ අංක අකැමැත්තෙන් ප්‍රසිද්ධ කළොත් වැඩ වරදියි - මේ නීතිය ගැන දැනගන්න

එසේම සමාජීය, ආර්ථික හා ජීව විද්‍යාත්මක පීඩනයන්ට ලක්ව ඇති මෙම දරුවන් පිරිස රටට වැඩදායී පුද්ගලයන් වශයෙන් සමාජගත කිරීමට නම්, මෙම ගැටලුව නිවැරදිව තේරුම් ගෙන කඩිනම් පිළියම් යෙදිය යුතු බවද අවධාරණය කළා.

එමෙන්ම ඔහු කියා සිටියේ විනයගරුක සහ උගත් දරුවෙකු බිහි කිරීමට ගන්නා උත්සාහය සාර්ථක නොවීමට මෙම මූලික පෝෂණ ගැටලුව ප්‍රධාන බාධාවක් වී ඇති බවයි.

මෙම අවස්ථාවට වෘත්තීය දේශකවරුන්ගේ සංසදයේ සභාපති කෝසල ගමගේ සහ ලේකම් නවීන් තිලකරත්න ඇතුළු පිරිසක් එක් විය.

මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් ආදායමක් ඉහළට

මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් ආදායමක් ඉහළට