මේ කාලයේ බඩු මිල ඉහල යාම සාමාන්‍ය දෙයක්. - මෙන්න මෙහෙන් ගත්තොත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල 25%කින් අඩුයි ලු.
රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ,පුවත්පතක් සමග සාකච්චාවකදීයී.
“උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් වෙළඳපොළ තුළ තියෙන තත්ත්වයක්. ඒ නිසා එය අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. රට තුළ භාණ්ඩ හිඟයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණා. අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කරනවා. ජනතාව අපහසුතාවයක් ඇති නොවන්නට වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති නොවීමට අපි කටයුතු කරනවා.
අවශ්‍ය පියවර ගැනීමට රජයේ ආයතන හරහා මැදිහත් වීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා. විශේෂයෙන් සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල 25%අඩු කිරීමට කටයුතු කරනවා. උත්සව සමයේදී අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා”