මෙරට පවුල් 248ක් සම්බන්ධයෙන් වහාම තීරණයක්.

Sri Lanka Landslide In Sri Lanka
By krishani Oct 15, 2023 04:11 AM GMT
krishani

krishani

Report

මීට පෙර නායයෑමට ලක් වූ හපුතලේ - කොස්ලන්ද - මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 248 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

ඒ මෙරට පවතින අධික වර්ෂාවත් සමග නායයෑම් අවදානම හේතුවෙන් ය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශවලට අනුව පුද්ගලයන් 768 දෙනකු මෙලෙස ඉවත් කිරීමට කටයුතු කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා සඳහන් කළේ ය.

ඒ අනුව තාවකාලිකව, කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවට ද, මහකන් ද ප්‍රදේශයේ පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවට ද, දිවුල්ගසමුල්ල ප්‍රදේශයේ පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද යොමුකර ඇත.

ReeCha