පැය 24ම ක්‍රියාත්මකයි - මේ ගැන මොනවා හරි දැක්ක ගමන් දැනුවත් කරන්න
By Kaushi
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම වෙනුවෙන් වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත ‘1818’ ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
එබැවින් ඒ ඔස්සේ මහජනතාවට රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බව දැනුම් දෙයි.