පැය ගාණක් ආයෙත් රටම අදුරට? - විදුලි වෘත්තිය සමිති 24 ක් වර්ජනයට
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමට පෙර ඉටු කළ යුතු කටයුතු නොකිරීමේ ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කළහොත්, එම ගැසට් පත්‍රය අවලංගු වන තුරු විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන් වැඩ වර්ජනයකට යන බව අවධාරණය කරයි.
ආණ්ඩුව විසින් 2024 අංක 36 දරණ විදුලිබල පනත ක්‍රියාත්මක වන දිනය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වීම, කළ යුතු සියළු කාර්යයන් සියයට 100ක් ඉටු නොකිරීමේ තත්ත්වයක් බවත්, එසේ කළහොත් එම මොහොතේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සේවකයින් 24ක් තීරණය කර ඇති බව කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින්, සමිති එකමුතුවේ නියෝජිතයන් සඳහන් කළේය.
උප සභාපති නන්දන උදයකුමාර මහතා පැවසුවේ, අමාත්‍යවරයා සේවකයන් ඉදිරිපත් කළ ඉල්ලීම් සාධාරණව සලකා නොබලන හොත් ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කිරීමෙන් පසු එය අවලංගු වන තුරු සියලුම සේවකයන් වැඩ වර්ජනයකට යන බවයි.
එමෙන්ම, ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එම්. අයි. ඒ. මිර්ෂාඩ් මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය සඳහා අධිකරණයෙන් ලබා ඇති නෛතික රාමුව තුළ සාමූහික ගිවිසුමක් අස්සන් කරන ලෙස දිගින් දිගටම ඉල්ලී සිටින බවත්, මේ දක්වා එම සාමූහික ගිවිසුමේ කෙටුම්පත් පමණක් ලැබී ඇති බවත්, ඒවාේ අඩුපාඩු පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්යි.
මෙම තත්ත්වය යටතේ, විදුලිබල අහෝසි කිරීම ප්‍රමාද කරන්නැයි සමිතිවරුන් පවසන අතර, විදුලිබල ඇමතිවරයා 10 දිනකට පෙර කරුණු 8 ක ලිපියක් යොමු කළද, ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇති බවත්, ආයතනය නිවැරදි නොකර අහෝසි කළහොත් සේවකයින් නැවත වැඩ වර්ජනයකට යන බවත් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අවධාරණය කරයි.
මෙම මාධ්‍ය හමුවට, කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා ඇතුළු නියෝජිතයන් රැසක් සහභාගී වී තිබේ.