පැය 24ක් තුළ මරණ 24ක්.

By Hashini Oct 03, 2023 07:20 AM GMT
Report

එක් දිනක් තුළ මරණ 24ක් සිදු වූ පුවතක් වාර්තා වනවා.

ඒ ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ශංකර්රාඕ රජයේ රෝහලෙන්.

එලෙස වාර්තා වන මරණ අතර අලුත උපන් බිළිඳුන් 12 දෙනෙක්ද වනවා.

විවිධ රෝගාබාධවලට ලක්ව අනෙක් 12 දෙනා මියගොස් ඇති අතර ඉන් බහුතරයක් සර්පයින් දෂ්ඨ කිරීමට ලක් වුවන්.

එම රෝහලේ බලධාරීන් පැවසුවේ අවශ්‍ය තරම් කාර්යය මණ්ඩලය නොසිටීම සහ ඖෂධ හිඟය එම මරණවලට හේතුව බවයි.

ත්‍රිපුද්ගල කමිටුවක් සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.